නව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සංචාරයක නිරත වෙයි.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිදුකරන පළමු සංචාරය මෙයයි.
මෙහිදී අමාත්‍යවරයා ගන්නෝරුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත කාර්යාල පරිශ්‍ර කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිතය.
මෙරට කෘෂිකර්ම ක්ෂේත්රය වෙනුවෙන් දෙපාර්තමේන්තුවෙන් සිදුවන කාර්යභාරය සහ ඉදිරි සැලසුම් පිළිබදව මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය විශේෂ අවධානය යොමු කරනු ඇත.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්.වීරකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටී.