නව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොවිජන මන්දිරයේදී සුභ මොහොතින් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
ඒ ආගමික වතාවත්වලට මුල් තැන දෙමිනි.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකර්ම ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා පුළුල් වැඩපිළිවෙලක් දියත් කිරීමට අපේක්ෂා කරන බවය.
එමෙන්ම කෘෂිකර්ම ක්ෂේත්රයේ ආයෝජකයන්ට නව බදු සහන ලබාදීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී.හේරත්, මොහාන් ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියහ.