නව පැෂන් ප්රබේද කිහිපයක් ඉදිරියේදී හදුන්වා දීමට නියමිතව ඇති බව පැෂන් පිළිබද බෝග නායක සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ අයි.කලුබෝවිල මහත්මිය සදහන් කළාය.
මේ වන විට එම ප්රබේදයන් පිළිබද පර්යේෂණ කටයුතු සාර්ථකව ක්රියාත්මක වන අතර, එම ප්රබේදයන්වල බීජ තෝරාගත් ගොවීන් කිහිපදෙනෙකු වෙත අත්හදාබැලීම සදහා ලබා දී ඇති බව ද ඇය කියා සිටියාය.
මෙම නව පැෂන් ප්රබේද කහ පැහැයෙන් යුතු වේ.
මේවා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි ප්රබේදයන් වන අතර, දැනට පවතින ගෙඩි වලට වඩා විශාලත්වයෙන් යුතු ගෙඩි ලබා දෙන බව ද සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ අයි.කලුබෝවිල මහත්මිය කියා සිටියාය.
පැෂන් පළතුර පහත රට තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ සාර්ථකව වගා කළ හැකි අතර, ජනතාව අතර ජනප්රිය පළතුරක් වීම හේතුවෙන් ගොවි ජනතාවට වැඩි ආදායමක් ලබා ගත හැකි වනු ඇති බවට ඒ මහත්මිය විශ්වාසය පළ කළාය.