21.8 C
Sri Lanka
Saturday, October 31, 2020

නව වසරේ අතමිට සරු කර ගන්න – අනාගත ඉල්ලුම අනුව බෝග වගාවට යොමු වන්න…

එලවලු බෝගයන්ට වෙළඳපොලේදී ඉහළ මිලක් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කල්තියාම එම කාලය සඳහා සුදුසු බෝග වර්ගයන් වගා කිරීමට යොමු විය යුතුයි.

මේ පිළිබඳව අවධානය යොමු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානයේ බෝග පුරෝකතන ඒකකය විසින් වගා කිරීමට සුදුසු බෝග පිළිබඳව පූර්ව නිවේදනයන් නිකුත් කරනු ලබයි.

වර්තමාන වගා වපසරිය හා අනාගත ඉල්ලුම අනුව මෙම පුරෝකතනයන් නිකුත් කෙරේ.

ඒ අනුව 2019 දෙසැම්බර් මස 21 වන දින සිට 2020 ජනවාරි මස 05 වන දින දක්වා වගා කිරීමට සුදුසු බෝග වර්ගයන් පිළිබඳව පූර්ව නිවේදනය මේ වන විට නිකුත් කොට ඇත.

මෙම කාලය තුළ වෙළඳපොලේදි ඉතාමත් හොඳ මිලක් ලබා ගැනීමට නම් බීටි රූට්, ගෝවා, කැරට් හා ලීක්ස් යන බෝග වර්ගයන් වගා කිරීමට යොමු විය යුතුය.

බෝංචි, වම්බටු, මාලු මිරිස්, වැටකොලු, වට්ටක්කා,රාබු හා තක්කාලි යන බෝග වර්ගයන් වගා කිරීමෙන් වෙළඳපොලේදී හොඳ මිලක් හිමි වේ.

කරවිල, පිපිඤ්ඤා, මෑ කරල්, බණ්ඩක්කා හා පතෝල යන බෝග වගාවෙන් සාමාන්‍ය මිලක් ලබාගත හැකි බව බෝග පුරෝකතන ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Latest news

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන...
- Advertisement -

නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන...

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here