17.1 C
Sri Lanka
Thursday, January 28, 2021

නව වසරේ කෘෂිකාර්මික බලාපොරොත්තු පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා අදහස් දක්වයි…

ශ්‍රී ලංකාව අතිරේක ආහාර බෝග වගාව තුළින් ස්වයං පෝෂිත කිරීමට උදෙසා 2020 වර්ෂය තුළ ක්‍රියා කරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ් එම් ඩබ් වීරකෝන් මහතා ප්‍රකාශ කරසිටී.

ඒ අනුව බඩ ඉරිගු, මුං ඇට, කව්පි, රට කජු, කුරක්කන් හා තල යන බෝගයන් ප්‍රධාන කොට ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

එමෙන්ම සෝයා බෝංචි නිෂ්පාදනය වැඩි කිරීමටද මෙහිදී අරමුණු කොටගෙන ඇත.

අප කල විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර යල කන්නයේ හෙක්ටයාර් 4000ක් පමණ ලොකු වගා කිරීමට අපේක්ෂා කරන බවයි.

රතු ලූණු වගා කරන ගොවීන් දිරිමත් කරමින් නව තාක්ෂණික ක්‍රමයන් ඔස්සේ රතු ලූණු නිෂ්පාදනයද වැඩි දියුණු කිරීමට කටයුතු සම්පාදනය කෙරේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ වගා කරනු ලබන ඉඩම් ප්‍රමාණය වැඩි කිරීමෙන් පමණක් අස්වනු ප්‍රමාණය වැඩි කල නොහැකි බවයි.

ඒ සඳහා නව තාක්ෂණ භාවිතාව තුළින් ක්ෂේත්‍රයන් තුළ අත්හදා බැලීම් සිදු කලයුතු බවත් එහි ප්‍රතිඵලයන් ගොවීන් වෙත ගෙන ගොස් ඒ හරහා නිෂ්පාදනය ඉහළ දැමිය යුතු බවත්ය.

මේ වන විට ක්‍රියාත්මක වන දේශීය දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ ඔසේසේ දැනට ලැබෙන අස්වනු ප්‍රමාණය වැඩි දියුණු කල හැකි බව ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

බීජ නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය, පුද්ගලික අංශ හා ගොවීන් සමඟ එක්ව ක්‍රියා කිරීමට මෙම වසර තුළ බලාපොරොත්තු වේ.

ජනතාවට දැඩි ලෙස බලපාන ගැටලුවක් වන දේශගුණික වෙනස් වීම් සමඟ ඉහළ යන එලවලු මිළ සඳහාද විසදුම් ගෙන ඒමට මේ වසරේ ක්‍රියාත්මක වන බව අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටියේය.

ඒ සඳහා නව තාක්ෂණය හා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් භාවිතය හරහා හරිතාගාර වාගාවට යොමු වීම තුළින් අපේක්ෂිත අයුරින් අස්වැන්න ලබා ගත හැකි බව කෘෂි රේඩියෝ අප කල විමසීමකදී එතුමන් වැඩිදුරටත් කියා සිටියේය.

Latest news

නුවරඑළියේ ගොවි ගැටළුවලට කඩිනම් විසදුම්..

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු විසදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව වැඩපිලිවෙල ක්‍රියාවට නංවයි. මෙම වැඩපිළිවෙල යටතේ නුවරඑළිය...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ගොවිපළවල් නවීකරණයට පියවර

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව පවතින කෘෂි  ගොවිපළවල් තව දුරටත් සංවර්ධනය කිරීමට අවධානය යොමුව තිබේ. දෙපාර්තමේන්තුව සතුව මේ වන විට කෘෂි  ගොවිපළ 29 ක් පවතින අතර, හෙක්ටයාර්...

මොණරාගලට කෘෂි අපනයන ව්‍යාපෘති රැසක්…

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ විශේෂ අපනයන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. ඒ අනුව බුත්තල ප්‍රදේශයේ අක්කර 50...

බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීම ට කෘෂි ඇමතිගෙන් කඩිනම් වැඩපිළිවෙලක්….

මෙරට බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here