මහ කන්නය එළඹීමත් සමඟ නැවතත් සේනා දළඹුවාගේ හානිය පැතිරීමේ අවධානමක් මතුව ඇත.
බඩඉරිගු වගාව සඳහා මෙම හානි ඇතිවීමේ වැඩි ප්රවනතාවයක් පවතින බැවින් මහ කන්නයේදී සාර්ථක බඩඉරිගු අස්වැන්නක් සඳහා මැයි මස 15 වන දිනට ප්‍රථම බීජ සිටුවා අවසන් කල යුතුය.
කන්නයට වගා කටයුතු ආරම්භ කල යුතු අතර මෙමඟින් පළිබෝධ හානියක් පැමිණියහොත් එය පැතිරීමේ වේගය අඩු කර ගත හැකි බව සේනා දළඹුවා පාලනය කිරීමේ ජාතික මෙහෙයුම් කමිටුවේ සම්බන්ධීකාරක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ අනුර විජේතුංග මහතා පැවසීය.
වගාවන් සඳහා ඉතාමත් ඉහළ ගුණාත්මයෙන් යුක්ත බීජ වර්ගයන් තෝරා ගැනීම සුදුසු වේ.
එමඟින් ශාකයේ වර්ධක අවධියේදී පළිබෝධ හානි මතුවුවහොත් එම හානිය අවම කරගනිමින් වර්ධනය වීමට ශාකයට හැකියාවක් පවතින බැවිණි.
භූමිය සකස් කිරීමේදී හොදින් ගැඹුරට සී සෑම සිදු කල යුතුය.
මෙමඟින් පස තුළ අක්‍රිය තත්වයේ පවතින දළඹුවාගේ පිළා අවස්ථාවන් ආලෝකයට නිරාවරණය වී ඒවා විනාශ වීම සිදුවේ.
නිර්දේශිත පොහොර ප්‍රමාණයන් පමණක් පසට යෙදීම සිදු කල යුතුය.
පළමු සති දෙක තුන ඇතුළත ක්ෂේත්රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කල යුතු අතර පත්‍රයේ කුඩා සිදුරු පවතීනම් හානිය පැමිණීමේ අවධානමක් පවතී.
ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත මර්ධන ක්‍රමවේදයන් භාවිතා කල යුතුය.
වගා ක්ෂේත්රය තුල බිත්තර කැඳලි හමුවේ නම් ඒවා අතින් කඩා ඉවත් කරන්න.
පළිබෝධ පාලනය සඳහා පෙරමෝන උගුල් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කොට ඇත.
මෙම පෙරමෝන උගුල් දෙපාර්තමේන්තුව විසින් මිලදී ගෙන කෘෂිකර්ම උපදේශකවරුන් මඟින් ක්ෂේත්රයේ ස්ථාපනය කිරීම සිදු කරනු ලබයි.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ අනුර විජේතුංග මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය කන්නයේ සේනා දළඹුවා මර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද සේනා දළඹුවා මර්දනය කිරීමේ ජාතික මෙහෙයුම් කමිටුවේ කටයුතු තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වන බවයි.