21.7 C
Sri Lanka
Thursday, May 6, 2021

නුවරඑළියේ ගොවි ගැටළුවලට කඩිනම් විසදුම්..

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු විසදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව වැඩපිලිවෙල ක්‍රියාවට නංවයි.

මෙම වැඩපිළිවෙල යටතේ නුවරඑළිය ගොවියා මුහුණ දෙන නිෂ්පාදන සදහා සහතික මිලක් නොලැබීමේ ගැටලුවට ස්ථිර විසදුමක් ලබා දීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

මේ සදහා විසදුමක් ලෙස ආර්ථික මධ්‍යස්ථානවල ගොවි සංගම්වලට වෙළදසැල් ලබාදීමට පියවර ගැනීමට නියමිතය.

එමෙන්ම බීජ සදහා ඉහළ මිලක් පැවතීම නතර කර ගැනීම සදහා  වගාවන් සදහා අවශ්‍ය බීජ මෙරට තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිලිවෙලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ආරම්භ කර තිබේ.

මෙරට වාර්ෂික බීජ ආනයනය සදහා මිලියන 1900 ක් වැය කරන අතර මෙම වැඩ පිළිවෙල හරහා ආනයනය නතර කර එහි ප්‍රතිලාභ ගොවි ජනතාව වෙත ලබාදීමට නියමිත වේ.

එම ප්‍රදේශවල ගොවීන් විසින් ලබා ගෙන ඇති ගොවි ණය මුදල්වල පොළි මුදලින් සියයට 50 ක් පමණ කපා හැරීමට ඇති හැකියාව පිළිබදව ද සලකා බැලීමට අපේක්ෂිත වේ.

වගාවන් සදහා ජලය ලබාදීමට ඇල මාර්ග නවීකරණය කිරීමට ද රජය අපේක්ෂා කරයි.

වන සතුන්ගෙන් වගාවන් බේරා ගැනීම සදහා සියයට 50 ක දායකත්වයනේ විදුලි පඹයා ලබා දීමට ද කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here