නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය පියවර ගෙන තිබේ.
එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ සී.ආර්. චන්ද්‍රසිරි මහතා සදහන් කළේ රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වයත් සමග මෙම පියවර ගත් බවය.
ඒ අනුව 071-7171666 යන දුරකතනය ඇමතීමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවීන්ට සිය ගැටලු ඉදිරිපත් කළ හැකි වනවා.
එම ගැටලුවලට පිළිතුරු ලබා දීමට කෘෂිකර්ම උපදේශකවරුන් සම්බන්ධ කර ඇති බව රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල බීජ අවශ්‍ය ගොවින් වෙනුවෙන් එම බීජ නිකුත් කිරීම පියවර ගෙන තිබෙනවා.
නියොජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ සී.ආර්.චන්ද්‍රසිරි මහතා පැවසුවේ බීජ ලබා ගැනීම සදහා වගා කටයුතු සිදු කරන ගොවීන්ට මෙම බීජ නිකුත් කරන බවයි.
ජී 1, ජී 2, ජී 3 සහ සී 1, සී 2, යන කාණ්ඩවල අල බීජ මෙලෙස ලබා ගැනීමට හැකියාන පවතී.
බීජ අල අවශ්‍ය ගොවීන් ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරුන් හරහා හදුනාගෙන නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.