ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටාන්යා ගොන්ග්රිජ් මහත්මිය හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර විශේෂ හමුවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙහිදී මෙරටට අවශ්‍ය කෘෂිකර්මාන්තයට අදාල උසස් හා පශ්චාත් අධ්‍යාපනය හා තාක්ෂණික දැනුම ලබාදීම කෙරෙහි අවධානය යොමු විය.
කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව කෘෂිකර්මය පිළිබඳ නෙදර්ලන්තය සතු දැනුම, තාක්ෂණය, අත්දැකීම් මෙන්ම කෘෂි අධ්‍යාපන පහසුකම්ද නොමිලේ නොඅඩුව ලබාදීමට තම රජය සූදානම් බව තානාපතිනිය මෙහිදී පොරොන්දු විය.
යුරෝපා රටවලට පළතුරු හා එළවළු සැපයීමේ ප්‍රධාන සැපයුම්කරු වන්නේ නෙදර්ලන්තයයි.
කෘෂි නිෂ්පාදනය 1.66% ක තරම් පහළ මට්ටමක පැවතිය ද අතරමැදි වෙළදාම තුළවූ යුරෝපයේ සැපයුම මුළුමනින්ම සිදු කරනු ලබන්නේ නෙදර්ලන්තය විසිනි.
එමෙන්ම මල් වෙළදාම අතින් ද යුරෝපයේ ප්රමුඛ ස්ථානයක් නෙදර්ලන්තයට හිමිවේ.
ඒකාබද්ධ බහු භෝග කෘෂිකර්මාන්තය හා ජල පිරිපහදු කළමනාකරණය වැනි සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත් නෙදර්ලන්තය තානාපතිනි ටාන්යා ගොන්ග්රිජ් මහත්මිය අමාත්‍යවරයාට මෙම හමුවේදී අවධාරණය කරනු ලැබීය.
නෙදර්ලන්තයේ නියෝජ්‍ය තානාපතිනි අනුක් බාරෝන් මහත්මිය ද මේ සඳහා එක්විය.