බීජ ගුණාත්මය තහවුරු කිරීමේ අරමුණින් නව බීජ පර්යේෂණාගාරයක් වීවෘත කිරීම කිරීමට සූදානම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ අතිරේක අධ්යක්ෂ ආචාර්ය ලක්මිණි ප්රියන්තා මහත්මිය සදහන් කළාය.
එය පරන්තන් ප්රදේශයේ පිහිටුවා ඇති අතර , කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ ප්රධානත්වයෙන් ලබන මාසයේදී විවෘත කිරීමට නියමිතය.
මෙම බී පර්යේෂනාගාරය හරහා එම ප්රදේශයේ ගුණාත්මක බීජ සුලබ කිරීමට අපේක්ෂා කරන බව අතිරේක අධ්යක්ෂවරිය කියා සිටියාය.
මීට සමගාමීව මන්නාරම මුරුන්තන් ප්රදේශයේ බීජ සහතික කිරීමේ ප්රාදේශීය කාර්යාලය විවෘත කිරීමට ද අපේක්ෂිත බව බීජ සහතික කිරීමේ සේවයේ අතිරේක අධ්යක්ෂ ආචාර්ය ලක්මිණි ප්රියන්තා මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.