වගාවන් සදහා පස් පරීක්ෂා කිරීමෙන් පසු අවහ්‍ය පමණට පොහොර යෙදීම සම්බන්ධයෙන් ගොවි ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.
එහි තවත් පියවරක් ලෙස ජංගම දුරකතනය භාවිතයෙන් ගොවි ජනතාවට එම දැනුම ලබා ගැනීම සදහා අවස්ථාවක් ලබා දීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය විසින් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් වී වගාවේ පොහොර නිර්දේශ සපයන දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබේ.
මෙම යෙදවුම භාවිත කිරීම මගින් දිවයින පුරා සිටින ගොවීන්ට තම ග්‍රාම සේවා වසමට අදාළ පොහොර නිර්දේශය ලබා ගත හැකි වේ.
මෙම යෙදවුම භාවිත කරන ගොවීන් පළමුව තම ස්මාර්ට් දුරකතයේ play store වෙත පිවිස slpaddyfertilizer ලෙස යෙදීමෙන් මෙම යෙදවුම සොයා ගත හැකි වේ.
පොහොර නිර්දේශය ලබා දීමේදී අහස් දියෙන් කෙරෙන වගා සදහා එක් නිර්දේශයක් සහ වාරි ජලය මත කෙරෙන වගා සදහා තවත් නිර්දේශයකුත් අන්තර්ගත කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සදහන් කරයි.
මේ පිළිබද වැඩිදුර තොරතුරු www.doa.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.