20.8 C
Sri Lanka
Thursday, May 6, 2021

පස පරීක්ෂා කිරීමෙන් පසු පොහොර ලබාදීමේ ජාතික වැඩසටහන ඇරඹේ..

පස පරීක්ෂා කිරීමෙන් පසු පොහොර ලබාදීමේ ජාතික වැඩසටහන පසුගිය දා ආරම්භ කෙරිණි.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථාන පරිශ්‍රයේදීය.

ඒ අනුව පොහොර ලබා ගැනීමේදී එළඹෙන කන්නයේ සිට පස පරීක්ෂා කර වාර්තාවක් ලබාදීම අනිවාර්ය වේ.

සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබා දෙමින් ගොවියාට පහසුවෙන් පස පරීක්ෂා කිරීමේ වාර්ථාව ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන බව මෙහිදී අදහස් දක්වමින්  කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම සියයට සියයක් මෙරට කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිත කරමින් සිදු කිරීමට යන ගමනේදී පළමු පියවරක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ද ඒ මහතා කියා සිටියේය.

රසායනික පොහොර විශාල ප්‍රමාණයක් යෙදීමෙන් මේ වන විට පස නිසරු තත්ත්වයට පත්ව ඇති බවත්, එමගින් වස විස වැඩි වශයෙන් ජනතාවට ශරීරගත වන බවත් ඉතිහාසයේ පළමු වතාවට පස පරීක්ෂා කිරීමෙන් පසු පොහොර ලබාදීමේ වැඩසටහන මෙලෙස ආරමභ කළ බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

මෙහිදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්  සහ කෘෂි උපදේශකවරුන්ට පස පරීක්ෂා කරන්නේ කෙසේද,එම කට්ටල භාවිතා කරන්නේ කෙසේද ගොවි ජනතාව ඒ සම්බන්ධයෙන් තාක්ෂණයෙන් සන්නද්ධ කරන්නේ කෙසේද  යන්න පිළිබඳව දැනුම ලබා දීම සිදු කෙරිණි.

මේ සම්බන්ධයෙන් දැනුම ලබාගනිමින් කාර්යාලවල නොසිට ගොවි බිම් සහ ගොවියා  වෙතටම ගොස්  මෙම වැඩසටහන සක්‍රීය ලෙස ක්‍රියාත්මක කළ යුතු බවට ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here