30.2 C
Sri Lanka
Tuesday, October 20, 2020

පළතුරු පර්යේෂණ ව්‍යප්ත කිරීමට විශේෂිත වැඩපිළිවෙලක්.

මෙරට පළතුරු පර්යේෂණ කටයුතු ව්‍යප්ත කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව හොරණ පළතුරු පර්යේෂණ හා  සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය  පී.ඩබ්.අලහකෝන් මහත්මිය පවසයි.

මෙම වැඩපිළිවෙල යටතේ දෙස් විදෙස් පළතුරු පර්යේෂකයන්ට තම අධ්‍යයන කටයුතු සිදු කිරීම සදහා සියලු පහසුකම්වලින් සමන්විත පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් හොරණ පළතුරු පර්යේෂණ හා  සංවර්ධන ආයතන පරිශ්‍රයේ ඉදිකෙරෙන බව අධයක්ෂතුමිය සදහන් කළාය.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වන විට සිදු කෙරෙමින් පවතී.

මීට සමගාමීව දෙස් විදෙස් පළතුරු පර්යේෂකයන්ට නේවාසිකව සිට සිය පර්යේෂණ කටයුතු සිදු කරගෙන යාම සදහා නවාතැන් පහසුකම් සැලසීමට ද කටයුතු කරන බව අලහකෝන් මහත්මිය සදහන් කළාය.

මීට අමතරව අක්කර 300 කින් යුත් හොරණ පළතුරු පර්යේෂණ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු ද ක්‍රියාත්මක කෙරේ.

මේ වසර අවසානයේදී නව පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන අතර, එම විවෘත කිරීමට සමගාමීව පළතුරු ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව අධ්‍යක්ෂවරිය සදහන් කළාය.

මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම තුළින් පළතුරු පර්යේෂණ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මෙරහට හා විදෙස් පර්යේෂකයන්ට , පාසල් දරුවන්ට , ගොවීන්ට සිය පර්යේෂණ සදහා මහගු පිටිවහලක් වනු ඇති බව ආචාර්ය  පී.ඩබ්.අලහකෝන් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here