පළතුරු මැස්සාගෙන් බේරීමට උපදෙස්..
පළතුරු වගාව හා අලෙවිය සිදු කරන ගොවි මහතුන් පළතුරු මැස්සාගේ හානිය පිළිබද අවධානය යොමු කිරීම වැදගත් බව මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඒ අනුව පළතුරු වගාවේ හානි අවම කර ගැනීමට හා වැඩි අස්වැන්නක් ලබා ගැචනීඹට හැකියාව ලැබෙන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පළතුරු වගාවේ ගෙඩි ඉතා කුඩා අවධියේදී පළතුරු මැස්සාගේ වැඩුණු ගැහැණු සතුන් ගෙඩි විද බිත්තර දමන අතර, එම නිසා පළතුරු ගෙඩියේ පොත්ත මතින් යුෂ වෑස්සීම සිදු වේ.
බිත්තරවලින් පිටවන කීටයින් පළතුරු ගෙඩියේ ඇතුළත මදය කා දමන අතර කුඩා ගෙඩි විකෘති වී හැලී යයි.
එම නිසා පළතුරු ගෙඩිවල අලෙවි අගය අඩු වන අතර, වගාවේ ගුණාත්මක අස්වැන්නද අඩු වේ.
එමෙන්ම හානි වූ ගෙඩි පරිසරයට නිදහස් කිරීමෙන් හානියේ පැතිරීම වැඩි වන බව මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එබැවින් ක්ෂේත්‍රෙය්දී කුඩා පළතුරු ගෙඩි ආවරණය කිරීම, හානි වූ ගෙඩි එකතු කර වැළලීම, පෙරමෝන් උගුල් භාවිත කිරීම, වගා බිමේ පස රේක්ක කිරීම සිදු කළ යුතුයි.
එමෙන්ම දිනපතා කිෂේත්ර නිරීක්ෂණය ද වැදගත් වේ.
පළතුරු අලෙවියේදී පළතුරු අපද්‍රව්‍ය වැළලීම, කළු පොලිතීන් උරවල බහා හමිරු එලියේ තැබීම සිදු කළ යුතුයි.
හානි වූ අඹ පේර කෙසෙල් අනෝදා ජම්බු අලිගැටපෙර කාමරංගා වැනි පළතුරු කොටස් පරිසරයට නිදහස් නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
පළතුරු අනුභවයෙන් පසු ඉතිරි කොටස් නිසි ලෙස ඉවත් කිරීම ද සිදු කිරීමෙන් පළතුරු මැස්සාගේ ව්‍යප්තිය අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.GeneralSmart ListReviews Is this a product review?
- Document