28.5 C
Sri Lanka
Friday, April 23, 2021

පළතුරු වගා ප්‍රවර්ධන හා තාක්ෂණික වැඩමුළුවක් කෑගල්ලේදී.

පළතුරු වගා ප්‍රවර්ධන හා තාක්ෂණික වැඩමුළුවක් ඊයේ දිනයේදී (21) කෑගල්ල ගලිගමුව නගරයේදී පැවැත්විණ.

මෙය සංවිධාන කරනු ලැබුවේ කෑගල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයයි.

ඌන භාවිත පළතුරු පරිභෝජනය ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වාණිජ මට්ටමෙ පළතුරු බෝග වගාකරුවන්, පළතුරු අපනයනය සිදු කරන ව්‍යවසායකයින් හා පළතුරු වගාවට කැමැත්තක් දක්වන ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් වැඩසටහනට සම්බන්ධ විය.

ගන්නෝරුව පළතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා කෑගල්ල පළාත් අධ්‍යක්ෂ, අතිරේක පළාත් අධ්‍යක්ෂ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here