ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව පළාත් මට්ටමින් විශේෂ වගා ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව දකුණ , බස්නාහිර, නැගෙනහිර, වයඹ, ඌව යන පළාත්වල මෙම වගා වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
වගා සංග්‍රාමය යටතේ දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් අක්මීමන හා ගාල්ල යන ප්‍රදේශවල පුරන් කුඹුරු අස්වැද්දීම සිදු කෙරේ.
එමෙන්ම බස්නාහිර පළාතේ හෝමාගම ප්රදේහයේදී පසුගිය 08 වනදා වප් මගුල් උත්සවය පැවැත්විණි.
නැගෙනහිර පළාතේ වප් මගුල් උත්සවය පැවැත්වුනේ ත්‍රිකුණාමලයේ 96 කොළණිය ප්‍රදේශයේදී ය.
වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් කල්පිටිය තලවිල දේවස්ථානය අසලදී පළතුරු පැළ බෙදා දීමක් ඊයේ දිනයේදී (09) සිදු විය.