17.1 C
Sri Lanka
Thursday, January 28, 2021

ප්ලාස්ටික් සහල් ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය හෙලි කරයි.

මෙරට වෙළදපොලේ පවතින සහල් වර්ගවල ශරීරයට හෝ සෞඛ්‍යයට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොමැති බවට සහතික විය හැකි බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට මහත්මිය පවසයි.

ඒ මහත්මිය පෙන්වා දෙන්නේ පසුගිය දිනවල මෙරට ජනතාව තුළ වෙළදපලේ ඇති සහල් වර්ග සම්බන්ධයෙන් අනියත බියත් මතු වී තිබූ බවට වාර්තා වූ බවය.

එමෙන්ම ‍වෙළදපල තුළ ප්ලාස්ටික් සහල් වර්ග ඇති බවට පළ වූ මතයන් ද සම්පූර්ණයෙන් සාවද්‍ය බව අධ්‍යක්ෂවරිය සදහන් කළාය.

පසුගිය දිනවල මෙරට වෙළදපලේ ප්ලාස්ටික් සහල් වර්ගයක් ඇති බවට පළ වූ වාර්තා හේතුවෙන් එම සහල් පිළිබදව පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය විසින් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්තානයෙන් ඉල්ලීමක් කර තිබිනි.

ඒ අනුව චෝදනා එල්ල වී තිබූ සහල් වර්ගයේ සාම්පල ගෙන පරීක්ෂා කිරීමේදී එම සහල්වල කිසිදු අහිතකර ද්‍රව්‍යයක් නොමැති බවට තහවුරු වූ බව අමිතා බෙන්තොට මහත්මිය කියා සිටියාය.

ඒ හේතුවෙන් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව වෙළදපලේ ඇති සහල් වර්ග ආහාරයට ගත හැකි බව ආචාර්ය අමිතා බෙන්තොට මහත්මිය සදහන් කළාය.

එසේම වර්තමානයේ වෙළදපලේ ඇති බොහෝ සහල් වර්ගවල විෂ රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වන බවටත් , පාරිභෝගිකයන් විසින් පාරම්පරික සහල් වර්ග පමණක් ආහාරයට ගැනීම සුදුසු වන බවටත්  බොහෝ දෙනා අතර ඇති මතය නිවැරදි විය යුතු බව ඇය පැවසුවාය.

රසය , ගුණය හා ඖෂධීය වටිනාකම් පදනම් කර ගනිමින් පාරිභෝගික ජනතාව අතර පාරම්පරික සහල් සදහා ඉල්ලුමක් පවතින බවත් විශේෂයෙන් තෝරා ගත් ප්‍රදේශවල පාරම්පරික වී වගාව ප්‍රචලිත කිරීමටත් රජය කටයුතු කරයි.

එසේම පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීම සදහා ඒකක බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා දීමට පාරම්පරික වී වලට වඩා වර්තමානයේ වැඩි දියුණු කළ වී වර්ගවලට හැකියාවක් තිබෙන බැවින් නව වැඩිදියුණු වී නිෂ්පාදන දිගින් දිගටම කරගෙන යාමේ කාර්යය  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන යනු ලැබේ.

Latest news

නුවරඑළියේ ගොවි ගැටළුවලට කඩිනම් විසදුම්..

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු විසදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව වැඩපිලිවෙල ක්‍රියාවට නංවයි. මෙම වැඩපිළිවෙල යටතේ නුවරඑළිය...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ගොවිපළවල් නවීකරණයට පියවර

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව පවතින කෘෂි  ගොවිපළවල් තව දුරටත් සංවර්ධනය කිරීමට අවධානය යොමුව තිබේ. දෙපාර්තමේන්තුව සතුව මේ වන විට කෘෂි  ගොවිපළ 29 ක් පවතින අතර, හෙක්ටයාර්...

මොණරාගලට කෘෂි අපනයන ව්‍යාපෘති රැසක්…

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ විශේෂ අපනයන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. ඒ අනුව බුත්තල ප්‍රදේශයේ අක්කර 50...

බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීම ට කෘෂි ඇමතිගෙන් කඩිනම් වැඩපිළිවෙලක්….

මෙරට බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here