පාංශු ඛාදනයට ලක් වී ඇති අක්කර කාලේ සිට අක්කර 01 දක්වා වන ඉඩම් සදහා පාංශු සංරක්ෂණ ක්‍රම සිදු කිරීමට සහනාධාර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ පාංශු සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ වැඩසටහන ක්‍රියාත්මකය.
එමෙන්ම, එවැනි ඉඩම්වල වගා කිරීම සදහා සියයට 50 ක ගොවි දායකඤත්වය යටතේ රෝපණ ද්‍රව්‍ය ද ලබා දෙන බව අමාත්‍යංශය සදහන් කරයි.
ඉඩමේ පිහිටීම අනුව යෙදිය යුතු පාංශු සංරක්ෂණ උපක්‍රමය/උපක්‍රම පිළිබඳව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ හෝ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරී මහතගෙන් උපදෙස් ලබා ගත හැකිය.
මේ වන විට පාංශු ඛාදනය ශ්‍රී ලංකාවේ ඉතා බරපතල පාරිසරික හා සමාජ ආර්ථික ගැටළුවක් බවට පත් වී තිබේ
එබැවින් , පුහුණු වැඩසටහන් හා පාංශු සංරක්ෂණ ප්‍රදර්ශන මඟින් පාංශු සංරක්ෂණය පිළිබඳ ගොවි ප්‍රජාව ඇතුළු මහජනයා දැනුවත් කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ පාංශු සංරක්ෂණ ඒකකය පවසයි.