කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් ‘කළමනාකරණ මධ්‍යස්ථානය විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව පාංශු සංරක්ෂණය පිළිබද දෙිදන වැඩමුලුවක් සංවිධානය කර තිබේ.
එය ලබන 10 හා 11 යන දෙදින කුණ්ඩසාල කෘෂි විදුහල් භූමිය අසල ඇති පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇති.
වාර්මාර්ග දෙපාහර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් හදුන්වා දෙනු ලබන ගොවි මහත්ම මහත්මීන් උදෙසා මෙය පැවැත්වෙන බවයි ස්වභාවික කළමනාකරණ මධ්‍යස්ථානයේ පුහුණු අංශයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ පී.ජී.කේ ජයතිස්ස මහතා සදහන් කළේය.
ප්‍රායෝගික හා න්‍යායාත්මක ලෙස වැඩමුළුව පැවැත්වෙන අතර, මෙහිදී පාංශු සංරක්ෂණය හා පවතින කාළගුණ තත්ත්වයන්ට අනුගත වෙමින් වගා සිදු කරන ආකාරය පිළිබදව ද ගොවි මහතුන් දැනුවත් කිරීමට නියමිතය.