18.5 C
Sri Lanka
Monday, January 25, 2021

පාරිභෝගික ජනතාවට සහන එළවළු මල්ලක්…

පාර්භෝගික ජනතාවට සහන මිලට එළවළු මිලදී ගැනීම සදහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත වැඩසටහන ක්‍රියාවට නැංවේ.

මේ යටතේ කැරට්, ලංකා අර්තාපල්, බීට්, තක්කාලි, ලීක්ස් සහ නොකෝල් යන එළවළු වර්ග 06 කින් සමන්විත එළවළු මල්ලක් රුපියල් 350 ක් වැනි සහන මිලකට ලබා දීම සිදු වේ.

මෙම එළවළු මල්ලේ වෙළදපළ වටිනාකම රුපියල් 700.00 ක් පමණ වන අතර, අතරමැදියන්ගෙන් තොරව සෘජුවම අස්වැන්න මිලදී ගැනීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

අතරමැදියන් නොමැතිව ගොවීන්ගේ අස්වැන්න ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන විසින් මිලට ගෙන ඒවා පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීම මේ යටතේ සිදු වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථාන 6කදී සහනදායී එළවළු මල්ල මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 3කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, බ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මේ සදහා දායකත්වය දක්වයි.

රජයේ සෞභ්‍යාගයේ දැක්ම යථාර්ථයක් කරමින් ගොවි ජනතාවට හා පාරිභෝගික ජනතාවට සහන සැලසීම වැඩසටහනේ අරමුණ බව අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here