පැණි දොඩම් ගබඩා කිරීමට සාර්ථක ක්‍රමවේදයක් බණ්ඩාරවෙල ප්‍රාෙද්ශීය කෘෂිකර්ම හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් සොයා ගෙන තිබේ.
එනම්, සෙන්ට්‍රිග්‍රේඩ් 8ක උෂ්ණත්වයක් යටතේ ඇති ශීතකරණයක් තුළ සිදුරු සහිත කළු පොලීතීන් ඇසුරුම්වල බහා මාසයකට වඩා කාලයක් පැණි දොඩම් සාර්ථකව ගබඩා කිරීමයි.
පොලිතීන් ඇසුරුම්වල සිදුරු විදීමෙන් ඇතුළත පරිසරයේ වාතාශ්‍රය තහවුරු කරන බව එම මධ්‍යස්ථානය පවසයි.
සිසිල නැමැති පැණි දොඩම් ප්‍රබේදය යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදු කර තිබේ.
මෙම ක්‍රමය පාරිභෝගික ජනතාවට සහ පැණි දොඩම් ව්‍යාපාරිකයන්ට මහගු අවස්ථාවක් බව බණ්ඩාරවෙල ප්‍රාෙද්ශීය කෘෂිකර්ම හා සංවර්ධන මධ්‍යස්ථානය සදහන් කරයි.