පුත්තලම දිස්ත්‍රික්කය තුළ මැද කන්නයේ මුං වගාව සාර්ථකව සිදු කිරීමට කටයුතු කරමින් පවතින බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාගය පවසයි.
එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා බී වී ටී ශ්‍යාමලී මහත්මිය පැවසුවේ අක්කර 200 ක පමණ වගාව සිදු කිරීමට අපේක්ෂිත බවය.
ව්‍යාපෘතිය සදහා ගොවීන් 300 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇති බව ඒ මහත්මිය කියා සිටියාය.
මේ වන විට තොරාගෙන ඇති ගොවි මහතුන් සදහා සියයට 50 ක දායකත්වය යටතේ බීජ ලබාදීමට කටයුතු කරමින් පවතී.
මහාවාරි ප්‍රදේශයක් වන ඉගිනිමිටිය ප්‍රදේශය මූලික කර ගනිමින් ව්‍යාපෘතිය දියත් වන බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ බී වී ටී ශ්‍යාමලී මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.