පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය යටතේ රට පුරා ඇති පුරන් කුඹුරු අක්කර 28,000ක් යළි වගා කිරීම හෙට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
රජයේ සෞභාග්‍යා දැක්ම සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මක ය.
මේ අනූව ජාතික උත්සවය යටතේ දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පහුරු ඔය ආශ්‍රිකව අක්කර 140ක කුඹුරු යාය අස්වැද්දීම සිදු කිරීමට නියමිතය.
අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් යල කන්නය වෙනුවෙන් මෙලෙස කුඹුරු අක්කර 28000 ක් වගා කිරීම හෙට ඇරඹෙන අතර එමගින් වී මෙට්‍රික් ටොන් 35000 ක් වී අස්වැන්නට එක් කිරීම අරමුණ බව අමාත්‍යවරයා සදහන් කළේය.
සියලු පුරන් කුඹුරු වල ඇළ මාර්ග සුද්ද පවිත්‍ර කර පිළිසකර කර දෙන බවද ගොවි මහතුන් හට අක්කරයකට රුපියල් 25,000 බැගින් පොළී රහිත ණය ලබාදෙන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළේය.
මේ සදහා පොහොර, තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර පහසුකම් රජයෙන් නොමිලේ ලබාදීමට නියමිතය.
එක් ගොවිජන සේවා බල ප්‍රදේශයක අක්කර 10 බැගින් මේ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම අනිවාර්ය කොට ඇති අතර, පළමු අදියර වශයෙන් අක්කර 28,000ක් අස්වැද්දීම ආරම්භ කෙරේ.
අනතුරුව අක්කර 22,000ක් ද දෙවන අදියර යටතේ අක්කර 50,000ක්ද පුරන් කුඹුරු අස්වැද්දීමට කටයුතු කෙරේ.
මෙම වසරේ සියලු පුරන් කුඹුරු අස්වද්දා පුරන් කුඹුරු යන්න කෘෂිකර්මාන්තයේ ශබ්දකොෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම වැඩසටහන සියලු දිස්ත්‍රික්කවල ස්ථාපිත කර ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන 562කම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 750ක් වැය කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර අවසන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
—