පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ ක්රියාන්විතයට ගොවීන් සක්රීයව නැඹුරු කරවීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව රජය පවසයි.
ඒ අනුව පුරන් කුඹුරු අස්වැද්දීම සිදු කරන ගොවීන් සදහා විශේෂ ණය ක්රමයක් හදුන්වා දීමට කටයුතු කෙරේ.
එම වැඩපිළිවෙල යටතේ අක්කරයක් වගා කිරීම සදහා පොලී රහිත රුපියල් 40000 ක ණය මුදලක් ලබා දීමට සැලසුම් කර තිබේ.
කෘෂිකර්ම අමාත්යංශය වැඩපිළිවෙල ක්රියාවට නංවයි.
මෙම වැඩපිළිවෙල යටතේ පුරන් කුඹුරු එළි පෙහෙළි කිරීම සදහා ද ප්රතිපාදන ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්යංශය සදහන් කරයි.