22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

පොළොන්නරුවේ වැව්වලට ජෛව පාලන කුරුමිණි ව්‍යාපෘතියක්

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් ආශ්‍රිතව ක්‍රියාත්මක කළ ජෛව පාලන කුරුමිණියන් වැව්වලට මුදා හැරීමේ වැඩපිළිවෙල සාර්ථක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්ෂණ සේවය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.එස්.වැලිගමගේ මහතා සදහන් කළේ එම වැව්වල ඇති  ආක්‍රමණශීලී ජලජ පැලෑටි විනාශ කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ වැව් ආශ්‍රිතව ජපන් ජබර හා සැල්වීනියා යන ආක්‍රමණශීලී ජලජ පැලෑටි පැතිරී ඇති බව නිරීක්ෂණය වී ඇත.

මේ හේතුවෙන් ජනතාවට වැව් වල ඇති ජලය නිසි ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි අතර, එම පැලෑටි ජලය මතුපිට ව්‍යප්තවීම හේතුවෙන් මිරිදිය මසුන් වදවී යාම නිසා මිරිදිය ධීවර කර්මාන්තයට බාධා ඇතිකර තිබේ.

වැව්වල ජලය ජනතාව පරිහරණය කිරීම හා මත්ස්‍ය ප්‍රජාව හේතුවෙන් මෙම ආක්‍රමණශීලී ශාක විනාශ කිරීමට රසායනික ද්‍රව්‍ය හෝ වල් නාශක භාවිත කිරීමට නොහැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් මෙම ආක්‍රමණශීලී පැලෑටි විනාශ කිරීම සදහා ජෛව පාලන කුරුමිණියන් යොදා ගැනීම සිදු කරන බව එස්.එස්.වැලිගමගේ මහතා කියා සිටියේය.

එමෙන්ම යාන්ත්‍රික ලෙස මෙම ජලජ පැලෑටි මර්දනය කිරීම සදහාද අදාළ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය දැනුම ලබාදීමට පියවර ගෙන ඇති බව පැලෑටි සංරක්ෂණ සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here