දේශීය බඩ ඉරිඟු ගොවියා සරු කිරීම උදෙසා දැනට බඩ ඉරිඟු බඩඉරිඟු කිලෝවක් සදහා පවතින මිල රුපියල් 5 කින් ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
ඒ අනුව දැනට රැපියල් 45 ක් පමණ වන බඩ ඉරිගු කිලෝවක මිල රුපියල් පනහක් බවට පත් වනු ඇති.
ඉදිරියේදී බඩඉරිගු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන බව ද පී.හැරිසන් මහතා පැවසුවේ අනුරාධපුර තන්තිරිමලය ප්‍රෙද්ශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේ බඩඉරිගු ගොවියා ශක්තිමත් කිරීම සදහා පියවර රැසක් ගෙන ඇති බවය.
එමෙන්ම, බඩ ඉරිගු ගොවියා හට වගාව සදහා වැය වන මුදලින් වැඩි ප්‍රතිශතයක් රජය විසින් ලබාදීමට කටයුතු කරන බව ද පී හැරිසන් මහතා සදහන් කළේය.
මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී අඩු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ වලට නව වී වර්ගයක් හදුන්වාදිමට කටයුතු කරන බවය.
එම වී වර්ගයට අස්වනු නෙලීම සදහා ගතවන්නේ දින 80 ක පමණ කාලයක් බව පැවසූ අමාත්‍යවරයා වියළි කලාපයේ ප්‍රදේශවලට මෙන්ම වව්නියාව, මඩකලපුව, අම්පාර, මොනරාගල ,හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවි ජනතාවටද එය හදුන්වාදීමට අපේක්ෂා කරන බව සදහන් කර සිටියේය.