බණ්ඩාරවෙල හා වැලිමඩ ප්‍රදේශවල වාණිජ මට්ටමින් රෝස මල් වගාව සිදු කරන ගොවීන් දැඩු ගැටලුවකට මුහුණ පා ඇති බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.
ක්‍රවුන් ගෝල්ඩ් ලෙස නම් කර ඇති බැක්ටීරියාවක් හේතුවෙන් අදාළ ප්‍රදේශයේ රෝස මල් වගාවට හානි සිදුව ඇති බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ කේ.පී සෝමචන්ද්‍ර මහතා සදහන් කළේය.
රෝස ගස් කප්පාදුවේදී කප්පාදු කතුර මගින් මෙම බැක්ටීරියාව පැතිර යන බව එම පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදු කළ පර්යේෂණවලින් තහවුරු වී තිබේ.
මෙම බැක්ටීරියාව එක් ගසකට හානි සිදු කළ හොත් ක්ෂණයකින් එය සමස්ත වගාවටම පැතිර යන බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම මේ හේතුවෙන් ගසේ වර්ධනයට ද දැඩි බලපෑම් එල්ල වන බව අනාවරණ වී තිබේ.
මෙම තත්ත්වය මැඩපැවැත්වීම සදහා කිසිදු රසායනික උපත්රමයක් යෙදිය නොහැකි අතර, කළ යුත්තේ රෝගී ගස් උගුල්ලා පුලුස්සා දැමීම පමණි.
මෙලෙස හානි සිදු වූ ගස් ඇත්නම් ඒවායින් අංකුර ලබා ගැනීම හෝ කප්පාදු කිරීම සිදු නොකළ යුතු බව කේ.පී සෝමචන්ද්‍ර මහතා අවධාරණය කළේය.
ගොවි ජනතාවට මේ පිළිබද තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් 057-2222520 හෝ 071-8166290 යන දුරකතන අංකවලින් තමාට සෘජුවම ඇමතිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.