බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය හා එම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන කෘෂිකාර්මික ප්‍රදර්ශනය ලබන 25 වනදා ආරම්භ වේ.
ඒ බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතන භූමි පරිශ්‍රයේදීය.
ප්‍රදර්ශනය ලබන 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
ප්‍රදර්ශනය සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද සහභාගීවීමට නියමිත බව කලුතර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඩබ්.එම්.සී.වීරකෝන් මහත්මිය සදහන් කළාය.
සරු දිවියට කෘෂි සවියක් යන්න තේමා කර ගනිමින් ප්‍රදර්ශනය පැවැත්වේ.
කෘෂිකාර්මික හා සත්ව පාලන යන අංශ දෙක යටතේම ප්‍රදර්ශන කුටි රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වනු ඇති බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය කියා සිටියාය.
බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සංවිධාන කරන ප්‍රදර්ශන කුටි අතර වගා ආදර්ශන, පැළ තවාන්, බෝග සායන වැඩසටහන්, කෘෂි දැනුම බෙදා දෙන සම්මන්ත්රණ , වැවක ආදර්ශනයක්, ව්‍යවසායකයින් සම්බන්ධ කර ගත් හෙළ බොජුන් හල සහ පළතුරු බීම හල නැරඹීමට අවස්ථාව හිමිවේ.
එමෙන්ම පෞද්ගලික අංශය මගින් පවත්වන කෘෂි යාන්ත්‍රෝපකරණ පිළිබද ප්‍රදර්ශන කුටි ද සංවිධාන කර තිබේ.
කිරි ගව ඒකකය, කොම්පෝස්ට් නිපදවීම, ආදර්ශ ජනපදයක් ඇතුළු තවත් ප්‍රදර්ශන කුටි රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වන බව කලුතර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඩබ්.එම්.සී.වීරකෝන් මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.
මීට සමගාමීව බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතන භූමියේ මිලියන 16 ක වියදමින් ඉදිකළ නව සම්මන්ත්රණ හාලාවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කිරීමට නියමිත වේ.