බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන මගින් 2020 ජනවාරි සිට මාර්තු මස දක්වා කාලසීමාව සඳහා විශේෂයෙන් සකස් කරන ලද පුහුණු වැඩ සටහන් රැසක් පැවැත් වේ.
ඒ අනුව වල්පිට හා අඹේපුස්ස යන දිස්ත්‍රික් කෘෂිකර්ම මධ්‍යස්ථාන තුළින් ඔබට මෙම පුහුණු වැඩසටහන් ලබා ගැනීමේ හැකියාව පවති.
ඒ අනුව වාණිජ ඇන්තූරියම් වගාව , ඕකීඩ් මල් නිෂ්පාදනය ,කිරි හා පළතුරු ආශ්රිත ආහාර නිෂ්පාදනය, වාණිජ බිම්මල් වගාව, ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව, උද්‍යාන අලංකරණය ,පළතුරු පැළ නිෂ්පාදනය හා බද්ධ කිරීම, කාබනික පොහොර නිෂ්පාදනය, බොන්සායි කලාව, ගෙවතු වගාව ආදි පුහුණු වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම පුහුණු වැඩසටහන් එක් දින දෙදින හා දින පහේ යනාදී වශයෙන් විවිධ කාලසීමාවන් තුලදී පැවැත්වීමට සැළසුම් කර ඇත.
මේ පිලිබඳව වැඩිදුර තොරතුරු එම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හි සහකාර පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ (පුහුණු) හරහා ලබාගත හැක.
ඒ අනුව දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය වල්පිට සඳහා 033-2272296 යන දුරකතන අංකයෙන් ද, දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය අඹේපුස්ස සඳහා 033-2273359 යන දුරකතන අංකයෙන් ද ඇමතිමෙන් අදාල තොරතුරු ලබා ගත හැක.