මෙරට බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඒ කෘෂිකර්ම අමාත්‍යවරයා , කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා ඇතුළු කෘෂිකර්ම නිලධාරීන් පිරිසක් සහ බීජ අර්තාපල් ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් අතරය.
මේ වන විට මෙරට තුළ G ZERO වර්ගයේ බීජ අර්තාපල් මිලියන 03 ක් නිෂ්පාදනය කරන අතර එය මිලියන 10 දක්වා වැඩි කිරීම අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
මෙරටට අර්තාපල් ආනයනය කිරීම නතර කිරීමට නම් රටේ ජාතික අවශ්‍යතාවයෙන් 70% ක් පමණ බීජ අර්තාපල් මෙරට තුළ නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එහි තවත් පියවරක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සීතාඑළිය අර්තාපල් බීජ ගොවිපළේ බීජ අර්තාපල් නිෂ්පාදනය දෙගුණ කිරීමට නියමිතය.
ඒ තුළින් මෙරට ගොවීන්ට අවශ්‍ය බීජ සියල්ල ලබා දී අර්තාපල් නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී සදහන් කළේය.
ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මකය.