අධි කාර්යක්ෂමතාවයෙන් යුතු බීජ අර්තාපල් නිෂ්පාදනය හා රෝග හදුනා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා දායක වන සියලු පාර්ශවයන් දැනුවත් කිරීම සඳහා පියවර ගැනේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා චීනයේ කෘෂිකර්ම විද්‍යාව පිළිබඳව හෙයිලොංජිඇන්ග් ඇකඩමියේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන මැයි මස 08 වන දින සිට 15 වන දින දක්වා පැවැත්විණි.
මෙහි සමාරම්භක වැඩමුලුව මැයි මස 08 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පෙ.ව. 9.00 සිට 4.30 දක්වා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් (සංවර්ධන) ඩබ්.ඒ.ජි.සිසිර කුමාර මහතා, බීජ හා රෝපන ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය හා ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථාන යන මධ්‍යස්ථානයන්හී අධ්‍යක්ෂකවරුන්, බීජ සහතික කිරීමේ සේවයේ නිළධාරීන් සමඟ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ ස්ථානයන් හා බීජ නිෂ්පාදනය හා සම්බන්ධව කටයුතු සිදු කරනු ලබන විවිධ පාර්ශවයන් සම්බන්ධ වූහ.
විශේෂයෙන් වෛරස්, බැක්ටීරියා ඇතුලු රෝගයන් හදුනා ගැනීමේ නව තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී දැනුවත් කෙරිණි.
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මෙය සංවිධානය කරනු ලැබූ අතර චීනයේ කෘෂිකර්ම විද්‍යාව පිළිබඳව හෙයිලොංජිඇන්ග් ඇකඩමිය මේ සදහා සම්පත්දායකත්වය දැක්විය.
මෙම වැඩසටහනේ ප්‍රායෝගික හා ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් සීතාඑළිය කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය මූලික කර ගනිමින් පැවැත්විය.