බීජ නිෂ්පාදනයට කැමති ගොවීන් සදහා එම අවස්ථාව ලබා දීමට සූදානම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව බීජ සහතික කිරීමේ සේවය පවසයි.
ඒ අනුව, ඒ සදහා වන අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කර ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකගේ නිර්දේශය මත ළගම පිහිටි බීජ සහතික කිරීමේ සේවයේ කාර්යාලය වෙත භාරදිය හැකි බව එම සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය ලක්මිණි ප්‍රියන්තා මහත්මිය සදහන් කළාය.
එමෙන්ම නියමිත ගාස්තු ගෙවා සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාල මගින් අවශ්‍ය මූලික බීජ ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව ද ඒ මහත්මිය කියා සිටියාය.
නව බීජ නිෂ්පාදකයකු සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපදෙස් ලබා දීමට ද සෑම බීජ සහතික කිරීමේ කාර්යාලයක්ම සූදානම්ව සිටී.
එමෙන්ම , බීජ නිෂ්පාදකයකුට බීජ නියැදියක් පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සදහා තමන් වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බව ද ලක්මිණි ප්‍රියන්තා මහත්මිය සදහන් කළාය.
පේරාදෙණිය, අලුත්තරම ,මහඉලුප්පල්ලම හා බටඅත යන ප්‍රදේශවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ පර්යේෂණාගාර පිහිටුවා තිබේ.