මෙරට සිටින බීජ පරිහරණය කරන්නන් එම කටයුතුවල නිරතවීමට බලයක් ලබා ගැනීම සදහා ගන්නෝරුව බීජ සහතික කිරීමේ හා පැලෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත පැමිණ ලියාපදිංචි විය යුත් බව එහි අධ්යක්ෂ ආචාර්ය කීර්ති හෙට්ටිආරච්චි මහතා පවසයි.
අධ්යක්ෂවරයා සදහන් කළේ සියළුම බීජ පරිහරණය කරන්නන් බීජ පනතට අනුව එම කටයුතු සිදු කිරීම අනිවාර්ය බවය.
මෙරට තුළ වාණිජ මට්ටමින් හුවමාරු වන බිජ හා රෝපණ ද්‍රව්‍යවල පිළිගත් ප්රමිතීන් තහවුරු කර ගුණාත්මයෙන් යුත් බීජ හා රෝපණ ද්‍රව්‍ය ගොවීන් වෙත ලබා දීම බීජ පනත ක්‍රියාත්මක කිරීමේ අරමුණ වේ.
එම පනත යටතේ සියළුම බීජ පරිහරණය කරන්නන් තම නිෂ්පාදවල ප්‍රමිතිය පිළිබදව ලේබලයක් මගින් තහවුරු කිරීම කළ යුතුය.
ඒ හරහා පාරිභෝගිකයාට නිෂ්පාදනයේ ගුණාත්මය පිලිබද දැනුමක් ලබා දෙන අතර, ගොවි ජනතාවට ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලබාදීම ද අරමුණ වේ.
බීජ පනත හරහා ආනයනික බීජ හා රෝපණ දුව්‍යවල ගුණාත්මක පරීක්ෂාවද සිදු කෙරේ.
එමගින් රට තුළට හානිකර කෘමි රෝග හා වල් පැලෑටි ආදිය සංක්‍රමණය වීම වැළකෙන බව ද කීර්ති හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.
බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක භාවය රැකෙන පරිදි නිෂ්පාදනය කිරීම , ගබඩා කිරීම ඇසුරුම් කිරීම,අපනයනය කිරීම හා බෙදා හැරීම ගුණාත්මකයව සිදු කිරීමට මෙම පනත තුළින් කටයුතු සම්පාදනය කර තිබේ.
මේ පිළිබද වැඩිදුර තොරතුරු 081-2388044 හෝ 081-2388217 යන දුරකතන අංකවලින් දැන ගත හැකිය.