20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ලක්මිණි ප්‍රියන්ති මහත්මිය පැවසුවේ බීජ නිෂ්පාදකයින්ගේ බීජ පරීක්ෂා කර ඒ සදහා සහතිකයක් ලබා දීමට බීජ සහතික කිරීමේ සේවය කටයුතු කරන බවය.

ඔවුන් තම අංශයේ ලියාපදංචි වීමෙන් පසුව එම තොරතුරු පොතක් ලෙස කන්නයෙන් කන්නයට නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බව එි මහත්මිය සදහන් කළාය.

එමෙන්ම, එලෙස ලියාපදිංචි වූ බීජ නිෂ්පාදකයින්ගේ තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේද පළ කෙරේ.

මේ හරහා පාරිභෝගිකයන් තුළ තම බීජ සම්බන්ධයෙන් විශ්වාසයක් සහ ජනප්‍රියතාවක් ඇති කර ගැනීමට බීජ නිෂ්පාදකයන්ට සහ ව්‍යවසායකයින්ට අවස්ථාව ලැබේ.

එමෙන්ම, පැළ තවාන්කරුවන්ට ද තම පැළ තවාන බීජ සහතික කිරීමේ සේවයේ ලියාපදිංචි කළ හැකියි.

එහිදී තවාන පරීක්ෂා කර කහ පැහැති ලේබලයක් නිකුත් කිරීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ පරීක්ෂාවට ලක් වූ පැළ තවානක් ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.

මෙම සේවා දිවයින පුරා පිහිටි බීජ සහතික කිරීමේ සේවයේ ප්‍රාදේශීය කාර්යාල 24 තුළින් ඔබට ලබා ගත හැකි වේ.

මීට අමතරව යහපත් කෘසිකාර්මික පිළිවෙත් හෙවත් ගැප් සහතිකපත් ලබා දීමද සිදුවන්නේ  බීජ සහතික කිරීමේ සේවය තුළිනි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු සදහා 081-2388217 දුරකතනය අමතන ලෙස ආචාර්ය ලක්මිණි ප්‍රියන්ති මහත්මිය වැඩිදුරටත් සදහන් කරයි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here