බතලගොඩ බීජ සහතික කිරීමේ සේවයේ ප්‍රාදේශීය කාර්යාලය විසින් හෙට දිනයේදී පුහුණු වැඩමුළුවක් සංවිධාන කර තිබේ.
එහි ඒකක භාර නිලධාරී එන්.ජී.ඔස්මන් මහතා සදහන් කළේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්වෙන බවයි.
බීජ සහතික කිරීමේ සේවය සමග අලුතින් සම්බන්ධ වූ හා බීජ පනතට අනුව පැළ වගා කරන්නන්, බීජ නිෂ්පාදකයන් හා බෙදා හරින්නන් සම්බන්ධ කර ගනිමින් මෙම පුහුණු වැඩමුළුව පැවැත්වීමට නියමිතය.
මෙම වැඩමුළුවේදී බීජ පනත අනුගමනය කරමින් කටයුතු කරන ආකාරය පිළිබදව ඔවුන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව ඔස්මන් මහතා වැඩිදුරත් සදහන් කළේය.