බීජ බෝංචි නිෂ්පාදකයින් මේ වන විට මුහුණ දෙන බෝග ගැටලු පිළිබද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ අවධානය යොමු වේ.
පසුගියදා රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ අභිනවයෙන් විවෘත කළ බීජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව කෘෂිකර්ම අධ්‍යක්ෂජනරාල්වරයා බොංචි බීජ නිෂ්පාදකයින් සමග සුහද කථාබහක නිරත විය.
එහිදී ඔවුන් මුහුණ දෙන වගා ගැටළු රැසකට කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා විසින් විසදුම් ලබා දෙන ලදී.
එමෙන්ම අභිනවයෙන් විවෘත වූ රිකිල්ලගස්කඩ බීජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලයෙන් එම ප්‍රදේශයේ ජනතාවට සේවා රැසක් සපයා ගත හැකි වේ.
බීජ සහතික කිරීමේ සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය ලක්මිණි ප්‍රියන්තා මහත්මිය පැවසුවේ ප්‍රදේශයේ ගොවීන්ට ගුණාත්මක බීජ හදුනාගැනීමට, පළතුරු පැළ හා මව් ශාකවල ගුණාත්මක බව සහතික කරවා ගැනීමට මෙම කාර්යාලයෙන් අවස්ථාව පවතින බවය.
—