18.5 C
Sri Lanka
Monday, January 25, 2021

බෝග වර්ග 06 ක් සදහා බීජ සහනයක් ලබා දීමට රජයේ අවධානය…

බෝග වර්ග 06 ක් සදහා බීජ සහනයක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ අනුව බඩ ඉරිඟු, අල, මිරිස්, රතුළූණු, ලොකු ළූණු, උඳු සඳහා බීජ සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු ව තිබේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ  බෝග 16 කින් වසර 03 කින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික කෘෂිකර්ම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම් සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීය.

සැලසුම් හා පොතපතේ කාරණාවලට සීමා නොවී ගොවිබිමට ගොස් ගොවි ජනතාවගේ ප්‍රායෝගික ගැටළු සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

සහන වලට වඩා ගොවි ගැටළුවලට විසඳුම් සෙවීමෙන් ඉලක්ක කරා ගමන් කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී අදාල නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

අල වගාව සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

බදුල්ල, නුවරඑළිය, යාපනය යන දිස්ත්‍රික්ක මුල්කරගෙන මේ වන විට හෙක්ටයාර් 5,100 අල වගා කෙරෙන අතර එය හෙක්ටයාර් 7,000 දක්වා හෙක්ටයාර් 2,000 කින් වැඩි කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. 

බීජ අර්තාපල් හිඟය, ඉඩම් වල අඩුපාඩු ආදී ගැටළු වලට විසදුම් ලබාදීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විණි.

රජය සතු ඉඩම් අක්කර ලක්ෂ 02 ක් ප්‍රයෝජන නොගෙන අත්හැර ඇති බවත් එම ඉඩම් භෝග 16 ප්‍රවර්ධන වැඩසටහනට යොදා ගැනීමට හැකිද යන්න සොයා බලන ලෙසත් අමාත්‍යවරයා අදාල නිලධාරීන් දැනුවත් කළේය.

එසේම වන සතුන්ගෙන් අස්වැන්නට සිදුවන හානිය නිසා ගොවි ජනතාවට විශාල වශයෙන් ගැටළු ඇතිවී ඇති අතර “විදුලි පඹයා” වැනි නවීන තාක්ෂණය ගොවි බිමට ගලායන ලෙස ප්‍රායෝගික වැඩසටහන් අවශ්‍ය බවද ඒ මහතා පෙන්වා දන්නේය.

අමු මිරිස්, ලොකු ළූණු, රතු ළූණු, බඩ ඉරිඟු, මුං ඇට හා කව්පි මෙන්ම උඳු වගාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් කෙරිණි..

එම බෝග වගාවන් ප්‍රචලිත කිරීමට පවතින සියලු ගැටළු නිරාකරණයට රජය සූදානම් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here