22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

මඤ්ඤොක්කා වගාවට වෛරස් රෝගයක්…අවධානයෙන් සිටින ලෙස ගොවීන් දැනුවත් කෙරේ…

මඤ්ඤොක්කා වගාව කෙරෙහි බලපානු ලබන රෝගී තත්වයක් පිළිබදව මේ දිනවල වැඩි අවධානයක් යොමුවී ඇත.

වෛරස් රෝගී තත්වයක් වන මෙය අප්‍රිකානු මොසෙයික් වෛරස් රෝගය ලෙස හදුන්වනු ලබයි.

පත‍්‍ර ඛණ්ඩිකා අක‍්‍රමවත් වීම හා පත‍්‍ර විචිත‍්‍රයක් ආකාරයට දිස්වීම මෙහි රෝග ලක්ෂණ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

රෝග තත්වය දැඩි ලෙස වර්ධනය වුවහොත් පත‍්‍ර ඛණ්ඩිකා දගර ගැසී සාමාන්‍ය හරිත වර්ණයෙන් වෙන් වූ තද කහ පැහැයක් ගනී.

රෝපන ද්‍රව්‍ය තෝරා ගැනීමේදී රෝගයට පාත‍්‍ර නොවූ දඩු තෝරා සිටුවීම මගින් රෝගය පාලනය කල හැකිය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ රෝගයට ලක්වී තිබෙන ශාකයන් තිබේනම් ක්ෂේත‍්‍රයෙන් එම ශාකයන් ගලවා ඉවත් කිරීම සිදුකල යුතු බවයි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here