21.7 C
Sri Lanka
Friday, October 30, 2020

මධ්‍යම පළාත් “නගරයට උයන්වතු” තරගාවලියට අයදුම්පත් කැදවේ

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය හා  මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන නගරයට උයන්වතු තරගාවලිය සදහා අයදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.

මධ්‍යම පළාත් ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ මෙම තරගාවලිය සංවිධාන කර තිබේ.

මෙම තරගාවලිය තරග අංශ 16 ක් යටතේ පවත්වන බව මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේ විෂයානුබද්ධ නිලධාරී නුවන් ක්‍රිෂාන්ත මහතා පැවසීය.

ඒ අනුව මධ්‍යම පළාතේ සියලුම රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, රෝහල් , පාසල්, ආරක්ෂක අංශ, තරු පන්තියේ හෝටල් අංශය, සංචාරක ආයතන, පුද්ගලික ව්‍යාපාර ආයතනවලින් මෙම  ගෙවතු තරගාවලිය සදහා අයදුම්පත් කැදවේ.

එමෙන්ම, මධ්‍යම පළාතේ පොදු ස්ථානවල ගෙවතු , නාගරික පුද්ගලික ගෙවතු, ග්‍රාමීය පුද්ගලික ගෙවතු, මහජන නියෝජිතයින්ගේ ගෙවතු, රජයේ නිලධාරීන්ගේ ගෙවතු, පාසල් ළමුන්ගේ ගෙවතු, වතු අංශයේ නිලධාරීන්ගේ ගෙවතු හා වතු අංශයේ සේවක ගෙවතු යන අංශවලින් ද අයදුම්පත් කැදවීම සිදු වේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය අගෝස්තු මස 15 දින වේ.

තරගාවලිය කෘෂිකර්ම උපදේශක කොට්ඨාස මට්ටම  , සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මට්ටම , දිස්ත්‍රික් මට්ටම හා පළාත් මට්ටම යන අංශ 04 යටතේ පැවැත්වේ.

තරගාවලියේ ජයග්‍රිහකයන්ට වටිනා මුදල් ත්‍යාග, ජය සංකේත,  සහතිකපත් පිරිනැමීමට නියමිත බව

නුවන් ක්‍රිෂාන්ත මහතා සදහන් කළේය.

තිළිණ ප්‍රදානෝත්ස්වය මේ වසරේ දෙසැම්බර් 18 වන දින පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ හා පළාත් ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Latest news

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන...
- Advertisement -

නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන...

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here