මන්නාරම මුරුක්කන් පුදේශයේ බීජ සහතික කිරීමේ ප්‍රාදේශිය කාර්යාලයක් ලබන 31 වනදා විවෘත කිරීමට නියමිත වේ.
ඒ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකොන් මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරුන් , අධ්යක්ෂවරුන් රැසකගේ ප්‍රධානත්වයෙනි.
එම ප්‍රදේශයේ ගොවීන් හට වගා කටයුතුවලදී නිසි ප්‍රමිතියෙන් යුත් බීජ තෝරා ගැනීම සදහා මෙම කාර්යාලය විවෘත කිරීම මහගු පිටිවහලක් වනු ඇති බව බීජ සහතික කිරීමේ සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය ලක්මිණි ප්‍රියන්තා මහත්මිය සදහන් කළාය.
එමෙන්ම බීජ වී නිෂ්පාදනය සිදු කරන ගොවීන් හටද මෙම කාර්යාලයෙන් ඵලදායි සේවයක් ලබා ගැනීමට ඉඩ සලසා තිබේ.
මේ ආකාරයට දිවයිනේ සියලුම වගා ප්‍රදේශ ආවරණය වන පරිදි බීජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සදහන් කළාය.