මෙවර මහ කන්නයේ දී බඩ ඉරිගු වගාව සේනා දළඹු වසංගතයෙන් බේරා ගැනීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව දෙපාර්තමේන්තුව පවසන්නේ යාය එකට වර්ෂාවත් සමග වගාව ආරම්භ කර ඔක්තෝබර් 15 දාට පෙර බීජ සිටුවන ලෙසයි.
එමෙන්ම, හොදින් පැළවෙන කලවම් නොවූ දිරිමත් ලොකු බීජ භාවිත කරන ලෙස ද දෙපාර්තමේන්තුව ගොවීන් වෙත අවධාරණය කර සිටී.
බඩ ඉරිගු වගාවට මාසයක් ගත වන තුරු වගාව නිරත්නරව නිරීක්ෂනය කරමින් රැක බලා ගත යුතු වේ.
නොමේරු දළඹුවන් පත්ර සූරා කන හානියේ මුල් අවස්ථාවේ දී වැලි , දහයියා අලු, දැව අලු , සියුම් පස් ආදිය ගොබයට හා ආසාදිත ප්රදේශවලට යොදා මර්දනය කළ යුතු බව දෙපාර්තමේන්තුව පවසයි.
මේරූ දළඹු හානිය පත්ර සිදුරු කරන අවස්ථාවක දී නිර්දේශිත කෘෂි රසායන නියමිත ආකාරයට යෙදිය යුතු වේ.
සෑම පැළ පේළි 4 කට පසු එක් පේලියක් අතහැර වගා කිරීම ද සේනා දළඹු හානියෙන් වගාව ආරක්ෂා කර ගත හැකි එක් ක්රමයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.