20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

මහනුවරට අපනයන වෙළදපළ සදහා පළතුරු වගා කිරීමේ වැඩසටහනක්

මහනුවර දිස්ත්‍රික් ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් අපනයන වෙළදපළ සදහා පළතුරු වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව  නාවලපිටිය, ගම්පොල, උඩුනුවර හා හේවාහැට යන ප්‍රදේශ කේනද්‍ර කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සදහා එම ප්‍රදේශවල පවුල් 2000ක් වෙනුවෙන් රුපියල් මිලියන 700ක මුදලක් රජය විසින් ලබාදීමට සැලසුම් කර තබේ.

මෙහිදී පළතුරු වගා කිරීම සදහා එක් පවුලකට රුපියල් ලක්ෂ 5 ක මුදලක්  හිමි වනු ඇත.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ‘නව්‍යකරණ ව්‍යාපෘතිය’ ඔස්සේ ආධාර ලබාදීම සිදු කෙරේ.

මෙම නිෂ්පාදන සෘජුවම අපනයන වෙළඳපොළ උදෙසා වගා කෙරේ.

 ඵලදායිතාවයෙන් ඉහළ සහ විදේශ වෙළඳපළ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් ලබාදෙන පැළ, ජල බිංදු තාක්ෂණය, උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයකට අවැසි තාක්ෂණික දැනුම හා අවබෝධය ද ගොවියාට ලබා දීමට නියමිතය.

කෙසෙල්, පේර, අන්නාසි සහ අලිගැටපේර යන පළතුරු මෙම ව්‍යාපෘතිය යටතේ අපනයන ඉලක්ක කොටගෙන වගා කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය ලංකාවේ තවත් දිස්ත්‍රික්ක 12ක් ආවරණය කිරීමට නියමිතය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here