මහනුවර අන්තර් පළාත් කාර්යාලයෙන් බඩ ඉරිගු ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව එම කාර්යාලයට අයත් උල්පතගම, මොරයාය , මිණිපේ ව්‍යාපාරයේ 1 සහ 11 කලාපවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නියමිත වේ.
මෙහිදී අදාළ ප්‍රදේශවල හෙක්ටයාර් 77 ක බඩ ඉරිගු වගා කරන බව මහනුවර අන්තර් පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ ජී.එන්.අරුණතිලක මහතා පැවසීය.
අතිරේක ආහාර බෝගයක් ලෙස වගා නොකරන කුඹුරු ඉඩම්වල බඩ ඉරිගු වගා කරන අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සියයට 50 ක දායකත්වය යටතේ බීජ ලබාදීම සිදු කෙරේ.
එමෙන්ම වගා කටයුතු සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට ද කටයුතු කරන බව මහනුවර අන්තර් පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ ජී.එන්.අරුණතිලක මහතා වැඩිදුරටත් පැවසීය.