22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

මහ කන්නයට අවැසි පොහොර කඩිනමින් ගොවි සුරතට දෙන්න කෘෂි ඇමතිගෙන් උපදෙස්…

මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමානය මෙම මස නිම වන්නට පෙර ගෙන්වා අවසන් කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් අදාළ බලධාරීන්ට  උපදෙස් ලබා දී තිබේ.

නොච්චියාගම ප්‍රෙද්ශයේ  ගොවීන් සමග පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කලේ  ලබන  26වෙනිදා යුරියා මෙ.ටො.30,000ක් රැගත් නැවක් මෙරටට පැමිණෙන බවයි.

ඒ අනුව මෙවර මහ කන්නය සදහා අවශ්‍ය පොසෙහාර ප්‍රමාණය සම්පූර්ණ වන බව අමාත්‍යවරයා සදහන් කළේය.

වී වගාව සඳහා පොහොර මෙ.ටො.229,526ක ප්‍රමානයක් මෙවර මහ කන්නයට අවශ්‍ය වන බවට මේ වන විට වාර්තා වී තිබේ.

.මහ කන්නයේ වී හෙක්ටයාර 787,259ක භූමි ප්‍රමානයක වගා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙවර රුසියාව, වියට්නාමය හා චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් යුතු පොහොර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බව පී හැරිසන් මහතා මෙහිදී කියා සිටියේය.

පෙර කන්නවල දී නිසි වේලාවට පොහොර නොලැබීම නිසා ගොවීන් අපහසුතාවයන්ට ලක් වුවද මේ වසරේ දී ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here