26.8 C
Sri Lanka
Thursday, September 23, 2021

මහ කන්නයට ගොවීන්ට සහන රැසක්

එළඹෙන මහ කන්නය තුළ ගොවි ජනතාවට සහන රැසක් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මසහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අමාත්‍යංශයේදී පැවැත්විණි.

ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිෂ්පාදනය, බෙදා හැරීම, රජයේ ඒ ඒ බෝග වගාවන් සඳහා පොහොර නිර්දේශය ඇතුළු  තොරතුරු හා දැනුම ගොවි ජනතාවට ලබාදීම පිළිබඳ ව මෙහිදී කරුණු සාකච්ඡා විණි.

එමෙන්ම, මහ කන්නයට අවශ්‍ය ජාතික පොහොර අවශ්‍යතාව ඒවා ගොවි බිමට ගොස් බෙදා හැරිමේ ක්‍රමවේදය පිළිබදව හා පොහොර යොදන ආකාරය පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීම  පිළිබදව මෙහිදී විශේෂ අවධානයට ලක්විණි.

නිෂ්පාදනය කරනු ලබන පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමටත්, අදාළ ප්‍රදේශවලටම ගොස් පෞද්ගලිකව නිරීක්ෂණය කරමින් කාර්යක්ෂමව සියලු නිලධාරීන් කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවල කාබනික පොහොර අංගනයන් ආරම්භ කරන ලෙසත්, ඒ හරහා නිවැරදි දැනුම ගොවි ජනතාවට ලබාදීමටත් මෙහිදී අමාත්‍යවරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

කාබනික පළිබෝධනාශක, කාබනික දිලීරනාශක හා කාබනික වල්නාශක කෙරෙහි වහාම අවධානය යොමු කොට ගොවි ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි ඒවා ලබාදීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here