26.8 C
Sri Lanka
Thursday, September 23, 2021

මහ කන්නයට යල කන්නයේ සිටම සැරසෙන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට කියයි

එළඹෙන මහ කන්නය සාර්ථක කර ගැනීම සදහා ‍ගොවි මහතුන් යල කන්නයේ සිටම සූදානම් වීම අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුව විසින් ඒ සදහා වන උපදෙස් මාලාවක් ගොවි ජනතාවට නිකුත් කර තිබේ.

එනම් සාර්ථක මහ කන්නයක් සදහා යල් කන්නයේ අස්වැන්න නෙලූ වහාම වී වගා ක්ෂේත්‍රයේ ඉපනැල්ලේ මුං වගා කිරීමට හැකියාව තිබේ.

එමෙන්ම පිදුරු ගිනි නොතබා කුඹුරේ පිදුරු ගොයමටම යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

යායේ ගොවීන් එකවර වගා කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර වර්ෂාව ආරම්භ වීමත් සමග මූලික බිම් සැකසීම සිදු කළ යුතු වනවා.

ගැඹුරට පස පෙරලීම සහ වල් මර්ධනයත් පළිබෝධ මර්ධනයත් සිදු කළ යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටී.

ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක නිලධාරී සමග නිරන්තරයෙන් එක්ව කටයුතු කිරීමෙන් මහ කන්නය ජය ගැනීම සදහා අවහ්‍ය මග පෙන්වීම ලබා ගත හැකි බව ද දෙපාර්තමේන්තුව අවධාරණය කර සීටි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here