19.9 C
Sri Lanka
Sunday, January 17, 2021

මහ කන්නයේ වගා හානි වන්දි මුදල් දෙසැම්බරයට පෙර ගොවි සුරතට…..

2019 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මසට පෙර ගොවීන් සඳහා ගෙවීමට හැකියාවක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන් වෙනුවෙන් පැවැති වන්දි ප්‍රදානයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය..

මේ වන විට  ලංකාවේ හානි වූ වගාබිම් අක්කර 23‚366 සඳහා ගොවීන් 20‚366 කට රුපියල් මිලියන 559 ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

එමෙන්ම,  2018 – 2019 මහ කන්නයට අදාලව හානි වූ ගොවිබිමි වෙනුවෙන් වන්දි ප‍්‍රදානය සිදු කරන බව ද පී.හැරිසන් මහතා කියා සිටියේය.

ඒ අනුව,  ආසන්න වශයෙන් මහ කන්නයේ අක්කර 50‚000ක් සදහා ගොවීන් 30‚000ක් වෙනුවෙන් රුපියල් මිලියන 1‚100ක මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.

මිරිස්,ලොකුලූණු ,වී, සෝයාබෝංචි, බඩඉරිඟු, අර්තාපල් යන බෝග වෙනුවෙන් ගංවතුර, නියඟය, වන අලි හානි හා පළිබෝධ හානි වෙනුවෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගොවීන් 1576 දෙනකු සඳහා ලක්ෂ 230ක වන්දි මුදල් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙහිදී පිරිනැමිණ.

Latest news

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...
- Advertisement -

අම්පාරේ පටක රෝපිත කෙසෙල් වගාවට ඉහළ සාර්ථකත්වයක්…..

අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති පටක රෝපිත කොල්කුට්ටු කෙසෙල් වගා ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළේ මේ වන...

පුත්තලමේ මුං වගාව අක්කර 200 ක….

පුත්තලම දිස්ත්‍රික්කය තුළ මැද කන්නයේ මුං වගාව සාර්ථකව සිදු කිරීමට කටයුතු කරමින් පවතින බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාගය පවසයි. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම...

අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික වී වගාව සිදු කිරීමේ සැලැස්මක්…..

වස විස නොමැති කෘෂිකර්මාන්තයක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ යල් කන්නයේ කාබනික ආදර්ශන වී වගාව ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු ව...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here