දිවයිනට බලපා ඇති කොවිඩ් 19 තත්ත්වයත් සමග අත්හිට වූ බිම්මල් පුහුණු පාඨමාලා යළි ආරමභ කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාකදුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මෙම පුහුණු පාඨමාලා සදහා සම්බන්ධවීමට කැමැත්තක් ඇති අයට සහ ස්වයං රැකියාවල නිරත වන හා බිම්මල් නිෂ්පාදනය පිළිබදව අවබෝධයක් ලැබීමට කැමති ඔනෑම අයෙකුට මෙම පුහුණු පාඨමාලා සමග සම්බන්ධ විය හැකිය.
පුහුණු පාඨමාලා සමග සම්බන්ධ වන ඔබට බිම්මල් නිෂ්පාදනය පිළිබදව න්‍යයාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදීමට කටයුතු කෙරේ.
සියලු වැඩසටහන් නොමිලයේ පැවැත්වේ.
වැඩසටහන් සදහා සම්බන්ධ වීමට කැමති අය සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ, තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මාකදුර, ගොනවිල යන ලිපිනයට තොරතුරු ඇතුළත් ලිපියක් යොමු කළ යුතු වේ.
එමෙන්ම, 031-2299625 යන අංකය ඇමතීමෙන් ද මේ පිළිබදව වැඩිදුර තොරතුරු ඔබට දැන ගත හැකි වේ.