මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 ක් ආවරණය වන පරිදි හෙළ බොජුන් අලෙවිසැල් පිහිටුවීමට සැලසුම් කර ඇති බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ කුසුම් සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.
ඒ අනුව මාතලේ නගරය, නාවුල නාලන්ද දිස්ත්‍රික් පුහුණු මධ්ස්ථානය අසල,කිඹිස්ස සීගිරිය කෘෂිකර්ම උපදේශක කොට්ඨාසය තුළ හා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මෙම හෙළ බොජුන් අලෙවිසැල් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව මෙම හෙල බොජුන් අලෙවිසැල්වලට අනුයුක්ත කිරීමට තෝරාගත් කෘෂි ව්‍යවසායිකාවන් පුහුණු කිරීමේ කටයුතුද සිදු කර අවසන්ව ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සදහන් කළාය.
මාතලේ දිස්ත්‍රික්කය තුළ අඩු ආදායම් ලාභී හා ස්වයං රැකියාවල නිරත ව්‍යවසායිකාවන්ගේ ජීවන තත්ත්වය වැඩ දියුණු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව කුසුම් සෙනෙවිරත්න මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.