28.5 C
Sri Lanka
Friday, April 23, 2021

මිරිස් බීජ නිපදවීමේ ව්‍යාපෘතියක්

මේ වසරේ හෙක්ටයාර 5000 ක මිරිස් වගා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත වැඩපිළිවෙල ක්‍රියාත්මකය.

මෙරට ජාතික වියළි මිරිස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 60000 ක් පමණ වේ.

මේ සඳහා වූ බීජ මිරිස් ඇට අවශ්‍යතාව කිලෝග්‍රෑම් 2500 ක් බව දෙපාර්තමේන්තුව කියා සිටී.

මෙම බීජ මෙරට තුළම නිෂ්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙල තුළ ගොවිජනතාවට දිය යුතු ආධාර, උපකරණ ඇතුළු සියලු සහාය මේ වන විටත් ලබාදෙමින් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ වර්ග අඩි 2000 ක ටනල් 20 ක්, නාවලපිටිය අලුත්ගම බීජ ගම්මානය තුළ වර්ග අඩි 1500 ක ටනල් 40 ක් තුළ බීජ මිරිස් නිෂ්පාදනයට පියවර ගෙන ඇත.

මේ වසරට අවශ්‍ය සියලු බීජ මිරිස් නිෂ්පාදනයට කටයුතු කර  අවසන්ව ඇති අතර, මේ වසර තුළ වියළි මිරිස් ජාතික අවශ්‍යතාවෙන් 35% ක් නිෂ්පාදනයට පියවර ගෙන තිබේ.

වසර තුනක් තුළ වියළි මිරිස් ජාතික අවශ්‍යතාව 100% මෙරට තුළින්ම  පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here